Saturday, January 16, 2016

සිතක් කවිකල ආදරය....



කවියෙක් වන්නට නොපුරමි පෙරුමන්
එනමුත් කවි සිත කරනා කවි කම්
නලියයි සිත ලග සිතුවිලි මනරම්
නොලියා ඉන්නෙ කොහොමද පද වැල්


ආදරයෙන් සිත නුඹ වෙත ඇදුනේ
විශ්වාසය අඩි තාලම දැමුවේ
අවබෝධය පෙර මාවත් තැනුවේ
දින දින ආලෙන් නුඹවෙත බැදුනේ


නුඹෙ සුවදයි සිත නිතර සොයන්නේ
උනුහුමටයි හිත ලෝබ කරන්නේ
මතකය කවි කම් පුබුදු කරන්නේ
මතු සසරෙත් නුඹෙ වෙන්න පතන්නේ


රෝෂී


No comments:

Post a Comment