Saturday, January 16, 2016

දිනුම හා පැරදුම


නුඹ හිනැහෙන්න පෙරුමන් පුරා
සිහිනයක නිදි ගත් නිසා
හීන අහැරෙන හැම ඇසිල්ලෙම
කදුළු බින්දු ඔච්චම් කලා


හීන ටික ටික එළිවෙලා
දොර ලගින් විත් එබිකම් කලා
ඒ දොරින් නුඹටත් හොර හොරා අද
නුඹේ උන් පිට මන් කලා


දුක් කදුළු හීනෙක ගුලි වෙලා
උනුහුමට නුඹ ලග ලන්වෙලා
උන් එවුන් අද නෑ නොකියාම ගොස් ඇත
නොදන්නෙමි කිම දෝ කියා


රෝෂී

No comments:

Post a Comment